
කංසා නීති ගත කර රාජ්‍ය අනුග්‍රහය යටතේ කංසා වගා කර අපනයන කිරීම හරහා විශාල විදේශ විනිමයක් උපායා ගනිමින් රට ණය බරින් නිදහස් කර ගත හැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අවධාරණය කර සිටින්නීය.
තේ, රබර් සහ පොල් යන වාණිජ භෝග සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මීට පෙර පැවති අවකාශය අහිමි වී ඇති තත්ත්වය හමුවේ ස්වභාව ධාර්මයෙන් ලබා දී ඇති මහඟු දායාදයක් වන කංසා නීති ගත කර මහා පරිමාණයෙන් වගා කරමින් අපනයනය කළ යුතු කාලය එළැඹ ඇතැයි ද ඩයනා ගමගේ මහත්මිය පෙන්වා පෙන්වා දෙන්නීය.
පාර්ලිමේන්තු මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (16) මේ බව කියා සිටියේ, කංසා අපනයනයෙන් ආදයම් උපයන ලොව අනෙකුත් රටවල් පිළිබඳ වගේම අනාගතයේදී කංසා අපනයනයේ ඇති වාසි පිළිබඳ පුරෝකථනය කරන ලද දත්ත ඉදිරිපත් කරමින්ය.
කංසා වාණිජ භෝගයක් ලෙස වගා කර අපනයනය කිරීම හරහා තව දුරටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු අන්තර් ජාතික මූල්‍ය අයතනවලින් මූල්‍යාධාර ඉල්ලා සිටීමට අවශ්‍ය නොවන කියා සිටී ඩයනා ගමගේ මහත්මිය මේ හරහා රටට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක විදේශ විනිමයක් උපයා ගත හැකි බව ද පෙන්වා දුන්නාය.
කංසා නීති ගත කර රාජ්‍ය අනුග්‍රහය ඇතිව කංසා වාණිජ්‍ය මට්ටමෙන් සහ මහා පරිමාණයෙන් වගා කර අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට නොහැකි වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය යුගයේ පනවන ලද ආඥා පනත හේතුවෙන් බව පෙන්වා දුන් ඩයනා ගමගේ මහත්මිය එම යල් පැන ගිය නීතිය අහෝසි කළ යුතු යැයි ද අවධාරණය කර සිටියාය.
Lanka Newsweek © 2026